Mar
28
මගේ Cult එකට join වෙනවද? බලය, ලිංගිකත්වය, dr*gs, දේශපාලනය, cricket සහ ලංකාවේ කල්ට්වාදය
By OffScript
LKR 2,500.00
Fun Fact
අපි Barstool Conversations 2025 දී launch කරන්නත් කලින් තමයි Riz එක්ක මේ ගැන කතා කරන්නේ. දැන් මාස ගානකට පස්සේ කොහොමහරි මිනිහා එක්ක වැඩේට බහිනවා මාර්තු 28 වෙනිදා. අපේ වැඩේ ටිකක් වෙනස් දෙයක්. Lecture එකක්වත්, interview එකක්වත්, panel discussion එකක්වත් නෙමෙයි මේක. ටිකක් නිදහසේ වාඩිවෙලා, යාලුවෝ එක්ක දාන චැට් එකක්, හැබැයි Riz තමයි topic එකේ expert විදියට එදාට එන්නේ. වැඩේ fun. කල්ට්ස් ගැන ඔයගොල්ලෝ දන්න දේවල් කතා කරන්න, නොදන්නා දේවල් දැනගන්න, තමන් වගේ අනිත් අය එක්ක පොඩ්ඩක් network කරන්න එන්න.
Riz Razak, කියන්නේ social media ගැවසෙන අපිට අමුතු නමක් නෙමෙයි. හැබැයි එයා ගැන පොඩි official හැඳින්වීමක් මේක.
Riz ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති මාධ්‍යවේදියෙක්, භූ දේශපාලන විශ්ලේෂකයෙක් සහ ඩිජිටල් විචාරකයෙක් වෙනවා. ඔහු AI තාක්ෂණය සහ දර්ශනය කෙරෙහි ලොකු උනන්දුවක් දක්වන අතර වෘත්තීමය වශයෙන් අපේ සමාජයේ සහ පුළුල් ගෝලීය අවකාශය ඇතුලේ තියෙන බලය, මාධ්‍ය, දූෂණය, පාලනය සහ සත්‍යය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනවා.
පාරිසරික විද්‍යාව, පුනර්ජනනීය බලශක්තිය, තිරසාර විද්‍යාව සහ ප්‍රතිපත්ති කියන අංශවල පසුබිමක් ඇති ඔහු Maastrich විශ්ව විද්‍යාලයෙන් සිය උසස් අධ්‍යාපනය හදාරලා තියෙනවා.
Riz වසර ගණනාවක් පුරාවට හුගක් සමාජ සේවා වල නියතු වෙලා තියෙනවා. ඔහු සිවිල් යුද්ධයට ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකාවේ LGBT අයිතිවාසිකම් වෙනුවෙන් නිතරම පෙනී සිටින කෙනෙක්. Riz ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වෙන්නේ social media හරහා. ඔහු මෑතකදී 2026 Ceylon Literature Festival eke විශේෂාංග කථිකයෙකු වශයෙනුත් පෙනී සිටියා.
ඉතින් එන්න Riz එක්ක පොඩි chat එකක් දාන්න.
...
Students: 50% off [https://docs.google.com/forms/d/e/1FAIpQLScgEJDn3KMybed9kO4jBBLdR7xPKXSPBOi8MG2W0VQgv-2PYg/viewform?pli=1]
More info: DM us on Instagram @offscriptlk or message on Facebook @thinkerscommunity
Saturday, Mar 28, 2026
04:00:00 PM to 06:30:00 PM
(2026-03-28 10:30:00 GMT)
Add to CalendarMachang Nawala Rooftop, No.277,Stanley Thilakaratne Road, Nugegoda 10250