Nov
26
ලංකාවේ දේශපාලන ඝාතන
By OffScript
LKR 2,700.00
ලංකාවේ දේශපාලන ඝාතන (1959-1993)
1959 දී අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයේ සිට 1993 දශකයේ අග භාගයේ සිදුවුණු දේශපාලන ඝාතන දක්වා - නූතන ශ්‍රී ලංකා දේශපාලනය හැඩගැස්වූ දශක තුනක් ගැන අපි කතා කරමු.
මෙය දේශනයක් නොවේ. අපි ඔබට ආරාධනා කරන්නේ ලංකාව සදහටම වෙනස් කළ මිනීමැරුම් පිළිබඳ අමු, අවංක සහ අවශ්‍ය සංවාදයකටයි. මේකේ වෙනස වෙන්නේ, අපි මුණගැහෙන්නේ කොහේහරි අපිට drink එකක් (සැර ජාති වෙන්න ඕනේ නෑ ඉතින්, කෝපි බිවුවත් අවුලක් නෑ) දාලා කතා කරන්න පුළුවන් තැනක. අපිට ඕනේ boring කතිකාවකට එහා ගිය, පොඩි relaxed චැට් එකක් දාන්න.
කාත් එක්කද මේ සාකච්ඡාව?
ධර්ම ශ්‍රී කාරියවසම්, කීර්තිමත් මාධ්‍යවේදී, "විජය ඝාතන අභිරහස" කර්තෘ, ලේක්හවුස් ප්‍රකාශකයන්ගේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ "කාරිගේ චැනල් එක" කියන යූ ටියුබ් නාලිකාවේ සත්කාරකවරයා සමඟ. ධර්ම ශ්‍රී දශක ගණනාවක විමර්ශන පුවත්පත් කලාවේ අත්දැකීම් මේ සාකච්ඡාවට ගෙනෙනවා.
ඉතිං අපි ඔබට ඇරැයුම් කරනවා ඔබ දන්නා දේ සමඟ එන්න, ඔබ නොදන්නා දේ දැනගන්න එන්න, සහ ඔබ වගේ තවත් කෙනෙක්ව දැනගන්න එන්න කියලා.
අපි සාකච්ඡා කරන දේ
බණ්ඩාරනායක, විජේවීර, විජය කුමාරතුංග, රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස්, කොබ්බෑකඩුව, ප්‍රේමදාස, ලලිත් ඇතුලත් මුදලි, ගාමිණී දිසානායක ඝාතන සහ ඒ හා බැඳුන දේශපාලනය වගේම ඉතිහාසගත නොවූ, නොකියූ කතා.
මෙය වැදගත් වන්නේ ඇයි: අදටත් මේ 1959-1993 දේශපාන ඝාතන ශ්‍රී ලංකා දේශපාලනයේ හොල්මන් කරනවා. අද ප්‍රචණ්ඩත්වය මීට වෙනස්ම අකාරයේ මුහුණුවරක් අරන් තිබෙනවා. මෙම වර්තමාන ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට අපට ඉතිහාසය හාරා අවුස්සන්නම වෙනවා.
Venue: කොළඹ (ඊමේල් එක හරහා එවන්නම්)
ඉතින් එන්න. අපි කතා කරමු. පොඩි drink එකක් දාන ගමන්.
Wednesday, Nov 26, 2025
05:30:00 AM to 07:00:00 AM
(2025-11-26 00:00:00 GMT)
Add to CalendarThe Joint Pub and Grill, No 62 Chatham St, Colombo